යිං යැං සංකල්පය
ජපානයේ සියලු ආගම් තුළින් එළි දැක් වූ සාරධර්ම මෙන්ම ඔවුනට දියුණුව පැවතුණු ගුණාංග මුල් කොටගෙන පෙරදිග බිහි වූ නොයෙකුත් දාර්ශනිකයන්ගේ විද්‍යාත්මක ශක්තිය දර්ශන මුල්කොට ගෙන සටන් කලාවට පණ පෙවී ඇත. ස්වභාව ධර්මය හා එහි ශක්තින් මුල්කොට ගෙන තමාගේ ප්‍රතිරූපය ශක්තිමත් කරගැනීමට ඇති විද්‍යාත්මක මාර්ගයක් ලෙසට නිවැරදි ශක්ති පුහුණුව ලෙස හැඳින්විය හැක.
අද සටන් කලාව තුලින් එහි ගැබ් වූ මූලික සංකල්ප තුලින් ඉවත්ව ක්‍රීඩා මාවතකට පිණිස ඇතත් ඔවුන් සෑම දෙනා විසින් ම සටන් කලාව තේරුම් ගැනීමට නම් සටන් කලා දර්ශනය හැදෑරීමට අමතක නොකළ යුතු ය. සටන් කලාව නිර්මාණයට මුල් වූ මහා දාර්ශනිකයන් එකල අදහස් කළේ සටන් කලාව අනාගත පරපුරට ඉගැන්වීම තුළින් ඔවුන්ගේ සටන් කලා හැකියාවන් පමණක් වර්ධනය කිරීමට නොව එමගින් මිනිසා මිත්‍යා මත තුළ ගැබ් ව සිටීම වළක්වාලීමයි. ස්වාධීන තීරණ ගත හැකි තරමට ඔවුන්ගේ මනස දියුණු කිරීම හා ඔවුන් අනාගත පරපුරේ ආරක්ෂක මුර දේවතාවුන් කිරීමටත් ය.එබැවින් සටන් කලා නිර්මාණය ලද පැරැන්නන් ඔවුන් එම නාමයන් අගට "Do" යන වචනය එක්කොට ඇත. එම වචනය සමහර සටන් කලාව "ඩෝ" යනුවෙන් ද තවත් සමහරක් සටන් කලාවල "දෝ" හඩ නගනු ලැබේ.
මෙවැනි කිසිදු සටන් කලාවක් නරක චේතනාවක් හෝ පළිගැනීමේ චේතනාව හැදෑරීම තුළින් එම සටන් කලාවෙන් ලබාගත හැකි සියලු ඵල ලබා ගැනීමට නොහැකි වෙයි. මේ රහසිගත ඵල නෙලා ගැනීමට නම් තමා පළමුව තමාගේ සිත සහ අරමුණු නිවැරදි කරගත යුතුවේ. පෙරදිග විද්‍යාවේ වැදගත් ම සංකල්පය වන යිං යැං නිර්මාණය තුළින් එහි නිර්මාතෘ බලාපොරොත්තු වූයේ මිනිසාගේ මනසේ ඇතිවන සිතිවිලි තුළින් සහ ආශාවන් තුළින් ඔබට මිනිසා දියුණු කිරීමටය. එය නිවැරැදිව තේරුම් ගැනීම තුළින් මිනිසාගේ ශක්තිය වර්ධනය හා ස්වභාව ධර්මය ආකල්ප තුරන් කිරීමත් සැමදාම මිනිසාට බාධකයක් වන යටි සිතේ බලපෑම තුරන් කිරීමටත් උඩු සිත ශක්තිමත් කිරීමටත් හැකි වන්නේය.
මෙය වටහා ගැනීම තුළින් මිනිසාගේ නරක ආකල්ප සහ මුලින්ම තුරන් කළ හැකි වේ. මනස ඇතුළත සහ පිටත ස්වභාවය ශක්තිමත් කර ගැනීමත් මෙමගින් අරමුණු කෙරේ. මෙම සංකල්ප පැහැදිලි කිරීම සඳහා එහි නිර්මාතෘ යිං සහ යැං යන වචනය තුළින් මනාව විදහා දක්වයි. එහි දැක්වෙන කළු පැහැති කවය එහි අවසානයේ සුදු පැහැති කවය සමඟ එක්වන අතර සුදුපාට කවය සහ කළු පැහැ කවය සමග එක්වේ.මෙහි දෙපැත්ත එකිනෙකට විරුද්ධ වන්නේ වත් වෙන්ව යන්නේවත් නැත. ක්‍රියාවකින් තවත් ක්‍රියාවකට ලැබෙන සම්බන්ධතාවය මෙමගින් මනාව පැහැදිලි කොට ඇත. ලොව පැවත එන සෑම දෙයකම සම්බන්ධතාවය මෙය වේ.
පුද්ගලයෙකුගේ සිතිවිල්ලකට හෝ ක්‍රියාවකට තවත් අයකුගේ එකඟතාවය විරුද්ධත්වය මත ඇති වන බලපෑම මෙමඟින් වටහාගත හැක. පැහැදිලිව තේරුම් ගැනීමට සටන් කලා දර්ශනය නිවැරදිව හැදෑරිය යුතුයි.කිසිවෙකුට යම්කිසි ක්රියවකින් සහමුලින්ම ඉවත්විය නොහැකි අතර ඔහු ඒ සඳහා වෙනත් මාර්ගයක් උපයෝගී කරගත යුතුව අැත. මේ දෙක අතර ඇති සම්බන්ධතාවය විශ්ව සම්මත නීතිය වේ.
වසර පනස්දාහකට පමණ පෙර පෙරදිගින් බිහි වූ දාර්ශනිකයන් ගේ අවධානය මෙම පැවැත්මේ ශක්තිය මුල් කොට ගෙන දියුණු වී ඇත.ඉපැරැණි ග්‍රන්ථවල සඳහන් පරිදි ලොව ඉහලම මාර්ග අපහසු නොවන අතර ඔබ තෝරාගත් මාර්ගයෙන්ම එම මාර්ගයට ළඟා විය හැකිය.එහි බාධක කම්කටොලු සහ ජය හමුවේ නොසැලී ගමන් කිරීමෙන් ගමන් මාර්ගය තේරුම්ගත හැකිය.
1 Comments
wooooow niyami
ReplyDelete