The Art Of Eight Limbs - Muay Thai
තායිලන්තයේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වන තායි බොක්සිං ගැන අහලා තියෙනවද? අද ලිපිය තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි ගැනයි.
තායි බොක්සිං යනු කුමක්ද?
මෙය අවුරුදු 1000 වඩා පැරණි සටන් ක්‍රමයකි. තායිලන්තයේ මුල් නම වුයේ "සියම්" ය.ඒ නිසා මෙය සී ආමස් බොක්සිං වශයෙන්ද ප්‍රසිද්ධ වි ඇත. මු(ආ)යි (Muay) යන වචනයේ අර්ථය ‘මුෂ්ටි මල්ලව පොර’ (Boxing) වන අතර එය සංස්කෘත භාෂාවේ එන “මාව්යා” යන පදයෙන් බිඳී ආ වචනයක්.
සටනකදී අත් සහ පාද උපයෝගී කොට ස්වභාවික ආකාරයට පහරදීම මෙහි විශේෂ ලක්ෂණයකි. මෙම ක්‍රමයේ ප්‍රතිවාදියාට පහර දෙනු ලබන මුලික ශරීර අංග නම්
•වැලමිට
•දනහිස්
•පදයන්.
මේ නිසා මෙය අංග අටේ විද්‍යාව නැත්නම් අංග අටේ සටන් කලාව නමින්ද හදුන්වනු ලබයි.සමහරුන් පවසන්නේ මෙහි අරම්භය තායිලන්තය හා නිතර ගැටුණු බුරුමය හා වියට්නාමය අතර සටන් හේතු කොට මෙය බිහිවූ බවයි.
පැරණි ලියකිලිවිලි වලට අනුව තායි බොක්සිං සටන් කලාවක් ලෙස පොත පතේහි හදුන්වා දි ඇත්තේ 1560 තායිලන්ත පුත්කුමරු වන "නරෙශුආන්" හා බුරුම රජුගේ පුත් කුමරු අතර අතර විය. මෙම සටන පැය ගණනාවක් පැවතුන බවට කියවේ. මෙහි ප්‍රතිපලය වුයේ බුරුම රජුගේ පුත් කුමරු මරණයට පත් වීමයි. මෙම සටනින් පසු තායිලන්තය හා සටන් නොවැදීමට තීරණයකොට ඇත.
අතීතයේ මෙය ක්‍රීඩාවක් ලෙස පවතී අවස්ථාවන්හි ඉතා කෘර විය. මෙහි බර පන්ති, වට ප්‍රමාණ නොතිබිණි බොක්සිං ග්ලව්ස් නොමැති හෙයින් ඒ වෙනුවට කපු පටිවලින් අත් එතිමද ග්‍රෝයින් කප් වෙනුවට පොල්කටු යොදා තම ලිංග ප්‍රදේශ අරක්ෂකරගෙනද ඇත. මෙකල නීති රීති පවා ඉතා සීමිත විය.නමුත් 2 ලෝක යුද්ධයෙන් පසු මෙහි නීති පද්ධතිය වෙනස්කොට ක්‍රීඩාවක් ලෙස ව්‍යාප්ත කිරීමටද කටයුතු යොදා ඇත. තායිලන්තයේ ජාතික ක්‍රීඩාවද මෙය වේ.
තායි බොක්සිං ක්‍රීඩාවක් පමණක්ද?
නැත.අද ලෝකයේ සටන් විශාරදයින් බොහෝ දෙනෙක් පවා තායි බොක්සිං සැබෑ ජිවිතයේ උපයෝගී කරගත හැකි අතම ආරක්ෂක සටන් ශිල්පයක් ලෙස පිළිගෙන ඇත. එසේ පිළිගැනීමට හේතුව මොවුන් හිස, මුහුණ ඇග ප්‍රදේශයට එල්ල කරන පා පහරවල් සහ දණහිස් පහරවල්වල වේගය හැ බලය ඉතා උසස් වීමය. ඉල ඇට ප්‍රදේශයට එල්ල කරන පා පහරවල් බොහෝ විට දණහිස් කට්ටෙන් එල්ල කරයි.මෙහි අනිත් විශේෂාංගය නම් බොහෝ චීන හැ ජපන් ක්‍රම වල ඇති ෆෝරම්ස් /කාතාස් නොමැති වීමයි. මොවුන් එම කාලය තුල පන්චින් බැග්වලට පහරදීම සහ තම සහකරුවා සමග "ස්පාරින්" කිරීමට කාලය යොමුකරවයි.
තායි සටන් සැබෑ සටන්වලදී ජයග්‍රහණය කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත්තේ ඔවුන්ගේ තාක්ෂණික දැනුම අනිත් ශිල්පවලට වඩා උසස් නිසා නොවේ. නමුත් ඔවුන් පුහුණුවන ආකාරය අනුව මෙම පරතරය පවතී. තවදුරටත් පැහැදිලි කරොත් ඔවුන්ගේ හැම පහරක්ම සත්‍යලෙස ප්‍රතිවාදීන්ට එල්ල කරයි. මෙහිදී සැබෑ රිදීම හැ එයින් බේරීමට වැළක්විය යුතු ආකාරය අත්දැකීමෙන් දැනගැනී. මෙම දැනීම හා බුද්ධිය ඔවුන්ට තම ක්‍රීඩා තරගය පැමිණිවිට ඔප්පුකල යුතුවේ. එම නිසා මේ අයුරින් ලබාගන්නා අත්දැකීම වෙන කිසිම ආකාරයකට සංසන්දනය කිරීමට අපහසුයි. එනම් තායි සටන් කරුවන් වතුරට නොබැස පිහිනීම් ශුරයන් නොවන අතර වතුරට බැස තම පිහිනීමේ හැකියාව ඔප්පුකෙරු ශුරයන් ලෙස ගණන් ගැනේ.
මුයි තායි තරග වට 5 කින් සමන්විතය.එක් වටයක් සදහා මිනිත්තු 3ක් ක්‍රීඩා කිරීමද වට අතර විවේකය මිනිත්තු 2ක් වේ. තරගයේ ජයග්‍රාහකයා තෝරනු ලනබන්නේ වට සියල්ලේම එකතුකොට දීමෙනි. නොකවුට් අවස්ථාවලදී විනිසුරු 10ට ගැන දිනුම දීමද එක් වටයකදී එක් එහිදී ක්‍රීඩකයෙක් තුන් වරක් බිම වැටුනහොත් ඔහු තරගයෙන් ඉවත්කරනු ලැබේ. මෙම ක්‍රීඩකයන්ට කොලමකරා,කොටියා,නයා,දිවියා, යන අනුනම ද යෙදී ඇත්තේ ඔවුන්ගේ වේගය නිර්භීත බව ශක්තිය යන අංග සමග සසදිමකින් පසුවය. බැංකොක් නගරයේ රුම්පනි ක්‍රීඩාංගනයේ සතියේ සම දිනකම මෙම ක්‍රීඩාව පවත්වනු ලබයි.
මෙහි පුහුණුවීම් කෙබදුද?
තායිලන්තයේ මෙමෙ සටන් ක්‍රමය හැදෑරීමට තෝරාගනු ලබන්නේ කැපවීම,උනන්දුව සිත එක අරමුණක තබාගැනීම,හා දරාගැනීමේ හැකියාව යන ගුණාංග ඇති පුද්ගලයන්ට පමණි.මෙම පුහුණු ස්ථාන "තායි කැම්ප්ස්" යනුවෙන් හදුන්වයි. ඉහත කදවුරුවල පුහුණුව වරු දෙකකට බෙදා ඇත.එනම් උදෙසන සහ සන්ද්‍යාවයි. මෙම ක්‍රීඩකයන් සැතපුම් 6 සිට 8 දක්වා දුවති. ඉන්පසු තම කදවුරු වලට පැමිණ තමා පුහුහුනුකරගත් කොටස් තනිවම ස්වල්ප වෙලාවක් හිස් අවකාශයට පහර එල්ල කරමින් ඒවා ප්‍රගුණ කරයි.
ඉන්පසු පුහුණුකරු නැතිනම් ගුරුතුමා (කරු-තායි බසින්) නලාව නාද කිරීමෙන් පසු සිසුන් ව්‍යායාම වල නිරත වෙයි. දෙවන නාදයෙන් පසු සිසුන් විසිර ගොස් සමහරු පංචින් බෑගයට අත් වැලම්ට හිස් පහරවල් ප්‍රගුණ කරයි. තවත් අය හේවි බෑගයට නැතහොත් කෙසෙල් කදන් වලට පහරවල් එල්ල කරමින් පාද,දණිස් කට්ට,දණිස් පහරවල් ප්‍රගුණ කරයි. අන් අය තායි පෑඩ්වලට පහර එල්ල කිරීම සහ තම සහකරු සමග ස්පාරින් කරති. මොවුන් මෙසේ පුහුණු වීම් වරු දෙකටම දිවීමෙන් ආරම්භ කොට ස්පාරින් දක්වා උනන්දුවෙන් හා කැපවීමෙන් ප්‍රගුණ කරති. ඔවුන්ගේ දක්ෂතා උසස් වීමේ රහස මෙය වේ.
පළමු මු(ආ)යි තායි හමුදාව
පළමු මු(ආ)යි තායි හමුදාව ගොඩනැඟුවෙ බුද්ධ වර්ශ 1238දි සුකෝටායි නගරයේදියි. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමත්, සුකෝටායි නගරය ආශ්‍රිතව පිහිටි ගම් සහ ඒවායේ ජීවත් වූ ගම් වැසියන් ආරක්ෂා කිරීමත් මොවුන්ට පැවරුණු රාජකාරිය වුණා. ශරීරය යොදාගෙන සිදු කරන සටන් ක්‍රම වගේම ආයුධ භාවිතයත් මොවුන්ගේ යුධ පුහුණුවට අඩංගු වුණා. මු(ආ)යි තායි සහ ක්‍රාබි ක්‍රාබෝන් නම් සටන් ක්‍රම දෙකේම එකතුවක් ලෙස මෙම පුහුණුව දක්වා තිබෙනවා. කාලයත් එක්කම රාජකීයයන් සහ සාමාන්‍ය තරුණයන් මේ සටන් කලාව ප්‍රගුණ කරන්නට දක්වන කැමැත්ත වැඩි වෙනවා. මේ හරහා ආත්මාරක්ෂාව, ව්‍යායාම, සංයමය සහ හික්මීම වැනි කාරණා ළඟාකර ගත හැකි වීම මේ ප්‍රසිද්ධියට බලපැවා. බෞද්ධ විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලාත් මෙම සටන් ක්‍රමය පුහුණු කළ අතර පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ඉදිරියට රැගෙන ඒමටත් එය ඉවහල් වුණා.
ආයුත්‍යා යුගයේදි බුරුමය සහ කාම්බෝජය සමඟ විටින් විට ඇතිවූ යුද්ධ වල ප්‍රතිඵලයක් විදියට විශාල හමුදාවක අවශ්‍යතාවය තායිලන්තයට තදින්ම දැනුණා. ඉන්පස්සෙ රට පුරා පුහුණු මධ්‍යස්ථාන වලදි තරුණයන්ට මු(ආ)යි තායි යුධ පුහුණුව ලබා දීම ආරම්භ කළා. මු(ආ)යි තායි සටන් කලාවට සහ තායි මල්ලව පොර වලට මහත් කැමැත්තක් දැක්වූ නෙරේසුආන් රජු මේ ක්‍රීඩාවට තව තවත් තරුණයන් යොමු කිරීමට කටයුතු කළා
නර්තන ක්‍රමයන්
මු(ආ)යි තායි සටන් කලාව ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමයි සටනට පෙර චාරිත්‍රයක් විදියට සිදු කරන නර්තනයන්.
සටන්කරුවන් සටන් වළල්ලට ගෙන ඒමට පෙර සිදු කරන නර්තනය වයි ක්‍රෝ ලෙස හඳුන්වනවා. මෙය සටන්කරුවාගේ ගුරුවරයාට, මු(ආ)යි තායි සටන් කලාවට සහ එය අයත් රටට ගෞරව කිරීම පිණිස පවත්වනවා.
මෙය එක් එක් සටන් ගුරුවරුන්ට විශේෂිත වූ නර්තන ක්‍රමයක්. එය ගුරුවරයා විසින් තම සිසුන්ට උගන්වනු ලබනවා. සටනකට පෙර සිසුවා තම ප්‍රතිමල්ලවයාට සහ පැරණි ආත්මයන්ට තමන්ගේ ඇති ගෞරවය පෙන්වීම සඳහා මෙම නර්තනය ඉදිරිපත් කරනවා.
මොන්කොන්ග් (Mongkon/Monnkol) (මුයි තායි හිස් පලදනාව)
මු(ආ)යි තායි සටන් කලාවේ ඉතා වැදගත් තවත් අංගයක් තමයි මේ මොන්කොන් එක. තායි බොක්සිං ක්‍රීඩකයන් සැබෑ සටනකට පෙර සටන් වළල්ල තුලදී මේ ශුද්ද වූ හිස්වැසුම පලදයි. ඉන්පසු ඔවුන් සම්ප්‍රදනුකුලව සිදුකරන වයි ක්‍රෝ සහ රම් මු(ආ)යි නර්තන අංගයන්ගෙන් පසුව මෙම මොන්කොන්ග් එක ක්‍රීඩකයාගේ ගුරුවරයා (කරු - ගුරුවරයා) විසින් සටනේ ජයග්‍රහණය පතා ක්‍රීඩකයාට ආශිර්වාද කර ඔහුගේ හිසින් එය ඉවත් කර සටන් වළල්ලේ ක්‍රීඩකයාගේ අදාල කෝණයේ ඉහල ස්ථානයක ඔහුට වාසනාව ගෙන එම උදෙසා මෙය තබයි.
මෙය පැලදීම තුලින් ක්‍රීඩකයාට සිදු වීය හැකි මාරාන්තික තුවාල සහ මාරාන්තික පහරවල් මගහැරීමට, හිසට සහ මුනට එල්ල වන දරුණු වැලමිට ප්‍රහාරයන්ගෙන් ආරක්ෂාවීම පතා මෙය පලදයි. මෙය තායිලන්තයේ තායි බොක්සිං ක්‍රීඩකයන් පමණක් නොව අනෙකුත් රටවල් වල තායි බොක්සිං ක්‍රීඩකයන් දැඩිලෙස විශ්වාස කරති. සැබවින්ම එහි විශාල සත්‍යයක් තිබේ. මොන්කොන්ග් එකට ඇති මේ දැඩි විශ්වාසය සහ ගෞරවාන්විත බව නිසාම දණහිසින් පහල කිසිම ස්ථානයක මෙය නොතබයි. බහුලවම මොන්කොන්ග් කඹ වලින් නුල් සහ සිලික් රෙදි වලින් සදා ඇති අතර ඒවා සදා ඉවර වූ පසු බොහෝ සටන් කරුවන් සහ ගුරුවරයින් වාසනාව දිනාගැනීම සදහා බෞද්ධ භික්ෂුවක් වෙත ගෙන එනු ලබයි. එහිදී එම භික්ෂුන් වහන්සේ විසින් එයට පිරිත් සජ්ජායනා වෙනත් මන්ත්‍ර මතුරා සහ පුජාකාර්ම කර ආශීර්වාද කරයි. සම්ප්‍රධායික මු(ආ)යි තායි සටන් ගුරවරයෙකු මෙම මොන්කොන්ග් එක තම ගෝලයන්ට පුදකරනුයේ ඔහු හෝ ඇය සටන් වළල්ල තුලදී තම පුහුණු බිමෙහි නාමය නියෝජනය කරමින් ස්ටන් කිරීම සදහා සුදානම් යැයි ඔහුට හැගුන විටදීය. සම්ප්‍රධායිකව ශිෂ්‍යාට මොන්කොන්ග් එක ස්පර්ශ කිරීමට හෝ පාලනය කිරීමට ඉඩ නොලැබේ. ඔහුගේ කරු හෝ අජාන් (ගුරුවරයා) ට පමණක් එය හැසිරවිය හැකිය. ඔහු මොන්කොග් එක ගැන සැලකිලිමත් වන අතර සටන් කිරීමට පෙර නියම වෙලවට එය ඉදිරිපත්කරයි.
මොන්කොන්ග් කියන්නේ ශුද්ධාත්මය, වාසනාව සහ ආරක්ෂාවයි එය ඔබේ පක්ෂපාතිත්වය හා ඔබේ ජිම් එකට ඔබේ පුහුණුකරුවන්ට සහ ඔබේ පවුලට ගරු කිරීමයි.
ශ්‍රි ලංකාවේ මු(ආ)යි තායි තියෙනවද?
ඔව්.ශ්‍රි ලංකාවේ මු(ආ)යි තායි 63 වෙනි ජාතික ක්‍රීඩාව වශයෙන් දැනටමත් ලියාපදිංචි කර ඇත.ඒ සදහා ශ්‍රී ලංකා මු(ආ)යි තායි සංගමයේ සියලුම ගුරුවරුන් පුරෝගාමීන් වි ඇත.දැනට ලංකාවේ පළාත් කිහිපයකම පුහුණුවීම් අරබ්ම්භ කර ඇති බව ඔවුන් අපිට දැනුම් දුන්නා. ඒ විතරක් නෙවේ.ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ කරට කර තරගකර රටට කීර්තියක් ගෙන ක්‍රීඩකයෝද සිටි.එයින් පසු ගියදා පැවති කිලෝග්‍රෑම් 67 බර පන්තියේ තරගයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මු(ආ)යි තායි ලෝක ශුරයෙක් වූ අපේ රටේ දක්ෂ කොල්ලෙක් සිටීම රටට ඉමහත් ආඩම්බරයකි.
2 Comments
hoda guruwarayek gana wisthara kiyanna puluwanda
ReplyDeletewww.mtasl.lk
Delete