For all martial arts students - සටන් කලා හදාරන්නන්ට

සටන් කලා හදාරන්නන්ට

සැබෑ සටන් කලා දාර්ශනය පිලිබඳ නිවැරදි වැටහීමක් ලබාගැනීමට අපහසු වූ පසුගිය වකවානුවන්හි ප ශ්‍රී ලාංකික තරුණ පරපුර සටන් කලාව යනු ගුස්ති ඇනගනිල්ලක් පමණක් ලෙසට විශ්වාස කරන ලද්දේ ලංකාවේ හුදෙක් සටන් කලා ගුරුවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ ගුරුවරුන් නිසාවෙනි. මොවුන් විශ්වාස කරන්නේ කාය ශක්තියේ සහ තම ක්‍රමයේ(සටන් ශෛලියේ) බලවත් බව පමණෙකි. තවත් අතෙකට නොයෙක් දෙනා සටන් කලාව යනු විද්‍යාවක් ලෙසටත් මේ සඳහා නොයෙක් සමීකරණ සහ උපකාරක පද දැනගත යුතුම බවත්ය .

කෙසේ වුවත් සටන් කලාව යනු ගතික සමීකරණ හෝ වෙනත් උපකාරක පද යොදාගනිමින් හැදෑරිය යුත්තක් නොවෙයි. මෙවෙනි නොයෙක් උපකල්පන නොයෙක් පොත් මත ඇසුරින් අප ලංකාවේ ගුරුවරුන් උගන්වන්නේ බටහිරින් ලංකාවට පැමිණෙන නොයෙකුත් සටන් ක්‍රම පිළිබද ලියෙවුණු පොත් පත් කියවා ලබන දැනුමෙනි. උදාහරණයක් ලෙසට ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 ට සමානුපාතිකව සටන් කලාවට උචිත අනිවාර්යය වචන යමෙක් හඳුන්වා දෙන්නේනම් එය බටහිරින් පැමිණි ක්‍රමයක් විය යුතුමය. හේතුව චීන භාෂාවේ සහ ජපන් භාෂාවේ නම් දහස් ගණනක් අකුරු භාවිතා වේ. ජපන් භාෂාවේද මේ අයුරින්ම යෙදෙන හෙයින් මෙවෙනි උපකාරක පද සටන් කලාව බිහිවූ රටවලින් නොව සටන් කලාව පිළිබඳව යම් අයුරකින් දැනුමක් ලබාගත් උදවිය විසින් නිර්මාණය කරන ලද්දක් සේ හැඳින්විය හැකිය.

එමෙන්ම සටන් කලාව යනු ගතික සමීකරණ තුලින් තොර වුවක් වශයෙන් හඳුන්වන්නේ සමීකරණ විසදුම් තුලින් අපට ලබාගත හැක්කේ එක් විසදුමකි. එනම් එක් පිළිතුරකි. නමුත් සටන් කලාව තුලින් අපිට පිළිතුරු සමුහයක් ලබා ගත හැක. එබෙවින් අප අපගේ මනස එක්තරා සීමාවක තබා නොගෙන එය සමස්ත සටන් කලාවටම විවෘත කළ යුතුව ඇත.සටන් කලාව කුමක්ද කියා නිර්වචනය කරන්න හෝ යමෙකුට පැහැදිලි අවබෝදයක් ලබාගැනීමට වසර කිහිපයක සාර්ථක පුහුණුවක් අවශ්‍ය වන්නේ සටන් කලාව යනු ගැබුරු විෂයක් නිසාවෙනි.සටන් කලාව ඔබට ඉගෙනීමට වැඩි කාලයක් ගත නොවුනත් එය තරමකට තේරුම් ගැනීමට ඔබගේ වයස මෙන් අඩක්වත් ගතවන බව මතක් කල යුතුව ඇත.එහෙයින් මෙම දැනුමෙහි අවසානයක් දැකීමක් අපහසු ය.ඒ තරම් දැනුම් සම්භාරයක් මෙම සටන් කලා දර්ශනය තුල ගැබ්ව ඇත.ඔබ දන්නා සටන් කලාව යැයි උදම් අනනවාට වඩා ඔබ නොදන්නා දෙ ගැන ඔබගේ සිත යොමු කරන්නේ නම් එය ඉතා ඥානන්විතය.

කෙසේ වුවත් අප ශ්‍රි ලංකාවේ අපටම උරුමවුනු සටන් කලාවක් ගැන අප උඩගු වනවාට වඩා මාහා දාර්ශනික මත පෙරටු කොටගත් පෙරදිග සටන් කලාව පිළිබද නිහතමානිව හැදෑරීම තුලින් අපට අපේ යැයි පැවසෙන සටන් කලාවේද දුර්වලතා ඇත්නම් ඒවාද සාර්ථක කරගත හැකිවනු ඇත. මෙම සටන් කලාව තුලින් අපගේ නොයෙක් තානාන්තර ගෞරව නාම ආර්ථික වාසි ගොඩනගා ගන්නවට වඩා මිනිසත් බවේ ඉහලටම පියනගිය හැකිවෙමු. උතුම් සටන් කලාවට ඔබ තවතවත් නිහතමානි වීමෙන් වඩාත් ඉහල මට්ටමකට ලගා විය හැකි බැව් අප මින් මතක් කර සිටිමු.

ඔබ දන්නා ප්‍රමාණයට වඩා නොදන්නා ප්‍රමාණය බලවත් බව ඔබට වැටහෙනුයේ සටන් කලාව දීර්ඝව හැදෑරිමෙදි මෘදු නිහතමානි පුද්ගලයෙකු බවට ඔබ පත්වීම නොවැලක්විය හැකි නිසාය.දීර්ඝ පුහුණුවක් අවසානයේදී ලබන කළු පටිය ඊටත් වඩා දීර්ඝ පුහුණු වීම් තුලින් නැවතත් අතටම දියවී සුදු පාට බවට පත් වීමෙන් විශාරද සටන් කරුවන් තම සිසුන්ට උපහැරණයක් ලෙස මෙම සුදු පටිය පෙන්වනු දැකිය හැකිය.

"මින් අදහස් කරන්නේ මෘදු නිහතමානි ගුණය දැඩි ආඩම්බර ගුණය අභිබවා යන බවයි"

Post a Comment

0 Comments