History of martial arts - සටන් ක්‍රම ආරම්භයේ සිට කරාටේ දක්වා විකාශනය වීම

කරාටේ සටන් කලාවේ විකාශනය..

මිනිසාගේ පැවැත්මේ ආරම්භය, එනම් ආඩම් සහ ඒවගේ සිටි දස දෙනෙක් පසු වූ කල සිටම මෙම සටන් කිරීම තිබු බව පැවසේ. මුලින්ම ආහාර ලබා ගැනීමටත් පසු කාලිනව දඩයම් සදහාත් දුණු, හෙල්ල , ලී වලින් තනු නොයෙක් ආයුධ භාවිතයෙන් සතුන් මෙල්ල කිරීමත් තමන්ට එරෙහිව එන පුද්ගලයන් විනාශ කිරීමටත් එකල සටන් කල බව පැරණි පොත් පත් වලින් අපට මනාව පැහැදිලි කර දේ.
වර්ථමාන සටන් ක්‍රම වල දීර්ඝතම ඉතිහාසය මිසරයේ ඇති පිරමිඩ ආශ්‍රිතව සොයාගෙන ඇත. එබැවින් මිසරයේ නුතන සටන් ක්‍රම ආරම්භය මෙන්ම දක්ෂ සටන් ශුරයන් සිටි ප්‍රදේශයක් බවද මෙම සාධක වලින් පෙනී යයි.
මෙම සටන් ක්‍රම මිසරයේ පැතිරීමෙන් ඉන්දියාවටද සංක්‍රමණය විය. ඉන්දියාවේ මදුරාසි නුවර කන්චිවරුන් යන ප්‍රදේශයේ විසු සුගන්ධ නම් රජතුමාගේ පුතෙකු වූ බෝධි ධර්ම නම් භික්ෂුන් වහන්සේද මෙම සටන් ක්‍රම හදාරා තිබේ. මෙම භික්ෂුව ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා චීනයට වැඩියහ. මෙම ගමන ඉතාදුෂ්කර ගමනක් විය. එය ක්‍රි.ව. 527 දි සිදු විය. හිමාලයා කඳු වැටිය තරණය කරමින් වැඩිය ගමනේදී සතුන් හැසිරෙන ආකාරය බලා (උදා : විවිධ සතුන්ගේ සටන් විලාශයන්) මෙතුමා උගත් සටන් ක්‍රමය තව දුරටත් වර්ධනය කර ගත්හ. මෙතුමාගේ ප්‍රධාන කාර්යය වුයේ චීනයේ ෂාඕලින් ආරාම තුල වාසය කරන භික්ෂුන්ට "සෙන් " දහම පිලිබඳ අවබෝදයක් ලබා දීමයි. මෙතුමා මෙම ධර්මය දේශනා කිරීමේදී ඇහුන්කන් දෙනු ලබන භික්ෂුන් ඉතා උදාසසින කමකින් සවන් යොමන නිසා ඊට පිලියමක් වශයෙන් තමා උගත් සටන් ව්‍යායාම් ක්‍රම 18 ක් මුලින්ම ශිෂ්‍ය භික්ෂුන්ට උගන්වන ලදී. එයින් මනා ප්‍රබෝධයක් ලබා ගත් නිසා එම භික්ෂුන්ට සටන් ක්‍රම පිලිබදව අවබෝධයක් ද පසු කාලීනව ලබා දි ඇත. මෙකල ෂාඔලින් ආරාම සටන් ක්‍රමයන්ට මහත් ප්‍රසිධියක් ඉසිලිය.
මේ අවදියේදී චීනය මහත් සතුරු උවදුරු බහුල කාලයක් විය. ඊට පිලියමක් වෂයෙන් භික්ෂුන් විසින් සාමාන්‍ය ජනතාවට අතරටද මෙම සටන් ක්‍රමය රැගෙන යන ලදී. එයින් සටන් ක්‍රම හැදෑරීමට එතෙක් තිබු සිමාවන් ඉවත්ව සාමාන්‍ය සටන් ක්‍රමයක් බවට පත්විය. උතුරු සහ දකුණු චීනයේ කුන්ග් ෆු ගුන්ග් ෆු (චයිනිස් කෙම්පෝ ) ලෙස සාමාන්‍ය ජනතාව අතර මෙම සටන් බෙහෙවින් ප්‍රචලිත විය.
ඔකිනාවා වාර්ථමාන ජපන් රජය යටතේ පාලනය වන දුපතෙකි. එවකට ඔකිනාවා දුපතේ ද දක්ෂ සටන්කාමින් සිටි ප්‍රදේශයකි. ඔවුන් වෙලදාම, අධ්‍යාපනය, දහම් දැනුම් වර්ධනය කර ගැනීමට සහ නොයෙක් අවශ්‍යතා සඳහා චීනයට පැමිණියහ. එහිදී ඔවුන් චීනයේ එවකට තිබු සෑම සටන් ශෛලියක්ම හදාරන ලදී. පසුව ඔවුන් තම දේශයට ගොස් (ඔකිනාවා) ඔකිනාවා සටන් ක්‍රමද එක් කරමින් නව සටන් ක්‍රම ගොඩ නගා ගත්හ. මෙම සටන් කලාවේ ඇති ප්‍රබලත්වය මත ඔකිනාවා දුපතේ ප්‍රධාන නගර තුන ආශ්‍රිතව පුහුණු කදවුරු ගොඩ නැගිණි. (උදා: ෂුරි නගරය ආශ්‍රිතව ෂුරි තේ නමින්ද, නහ නගරය ආශ්‍රිතව තොමරිතේ නමින්ද විවිද ශෛලින්ගෙන් ඉගැන්වීම් අරාම්භ විය.) මෙහිදී මොවුන් පොදු නමකින් එනම් ඔකිනාවාටේ නමින් මෙම සටන් ක්‍රම හැඳින්විය.
යුධ සමයේදී ඔකිනාවා දුපතේ පාලනය බටහිර රටවලට පත්විය. මෙයින් සිදු වුයේ සියලු ආයුධ භාවිතය ඔකිනාවා වැසියන්ගෙන් තුරන් කිරීමයි. ඔකිනාවා වැසියන් මෙයට පිලියමක් වශයෙන් තම එදිනෙදා ජීවිතයේදී පාවිච්චියට ගනු ලබන උපකරණ ආයුධ වශයෙන් භාවිතය කිරීමට පුරුදු පුහුණු විය.උදා : අශ්වයන්ගේ දිවීමේ වේගය වැඩිකිරීමට ගන්නා අශ්ව කෙඳි මැදට බැදී ලී කැබලි දෙක (නන්චක්කු) පාරු පැදීමට ගන්න දණ්ඩ (බෝ) උයන් වතු මුල්ලු, කිරීමට ගන්නා උල් කුරු (සායි) වැනි නොයෙක් උපකරණ ආයුධ වශයෙන් භාවිතා කිරීමට පෙළබිය. මෙම ආයුධ සාමාන්‍ය ආයුධ වලටත් වඩා ඇති භයානක ආයුධ බවට පුරුදු පුහුණු වීමෙන් ඔකිනාවා වැසියන් ඔප්පු කර පෙන්වීය. පසු කාලීනව මෙම ආයුධ සටන් ක්‍රම රියු කියු කොබුජුට්සු නමින් ප්‍රචලිත විය.
නන්චක්කු (nunchaku)
බෝ (bo)
සායි (sai)
18 වන ශතවර්ෂයේ සටන් ක්‍රම වල ඉතා දියුණු අවධියක් විය. සටන් ක්‍රමයන්ට නිවැරදි තාක්ෂනය එක් වුයේ එකලය. එවකට සටන් උපදේශකයින් තරග කලේ ජීවිතයත් මරණයත් අතරය. එබැවින් තමාගේ සටන් ක්‍රමය හොද මට්ටමකින් තබා ගැනීමට නිතර පුහුණුවීම් කර තාක්ෂනය දියුණු කර ගත්හ.එසේ නොවුනානම් තම ජීවිතය පවා විනාශ වීමට ඉඩ කඩ බොහෝ වැඩි විය. එකල භාවනා ක්‍රම සටන් ක්‍රම සමග අත්වැල් බදාගෙන ඉදිරියට ගියා බැවින් මානසික ශක්තිය ද අභ්‍යන්තර ශක්තිය ද ගොඩ නැගිණි. සටන් කරුවෙක් ශරීර ශක්තියෙන් එල්ල කරන පහරකට වඩා කිහිප ගුණයක වැඩි බලයක් අභ්‍යන්තර ශක්තිය භාවිතයෙන් එල්ල කරනු ලබන පහරක ඇති බව එකල සටන් විශාරධයින් දැන සිටියහ. මෙම අභ්‍යන්තර ශක්තිය ජපන් භාෂාවෙන් "චි" යනුවෙන් හැඳින්වේ. (නැතිනම් එය විශ්ව ශක්තිය යනුවෙන් ද (Chi) හඳුන්වයි.
1921 වර්ෂයේ මුල් භාගයේදි ජපන් විශ්ව විද්‍යාල එකමුතුව විවිධ සටන් කළා සංදර්ශනයක් සංවිධානය කරනු ලැබිය. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් එකල අධිරාජයා සහභාගී විය. මෙම සංදර්ශනයට ඔකිනාවා සිටි දක්ෂ උපදේශකයෙකු වූ ගරු ගිචින් ෆුනාකොෂි මතිතුමාටද ජපානයේ සිටි සටන් උපදේශකයින් ආරාධනය කරනු ලැබිය.
එම ආරාධනය පිළිගත් ගරු ෆුනාකොෂි මැතිතුමා ඉතා වටිනා දේශනයක් සමගින් ඔකිනාවාටේ ක්‍රමය සංදර්ශනයේ ඉදිරිපත් කෙරිණි. මෙම ක්‍රමය ඉතාමත් සම්පුර්ණ මට්ටමකින් පවතී හෙයිනුත් අන් සටන් ක්‍රම අභිබවා ගියා බැවිනුත් ෆුනාකොෂි මැතිතුමාට ජපානයේ නැවතී මෙම අගනා සටන් ක්‍රමය ජපන් ජනතාවට පුරුදු පුහුණු කරවන ලෙස ජපන් අධිරාජයා ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් එතුමා ජපානයේ නැවතී එවකට ජපානයේ තිබු සටන් ක්‍රමද මිශ්‍ර කර සැමට පොදු නමකින් මෙම නව ක්‍රමය ව්‍යාප්ත කරවිය. එය අද ලෝ පුරා කරාටේ නමින් ප්‍රචලිතව ඇත්තේ මෙම සටන් ක්‍රමයයි. නුතන කරාටේ ශිල්පයේ පියා වශයෙන් සෑම සටන් ශිල්පියෙකුම පිළිගනු ලබන්නේද ගරු බුහුමන් දක්වනු ලබන්නේද ගරු ෆුනාකොෂි මැතිතුමාටයි. "කරා" යනුවෙන් නිරායුධ (හිස්) යන අරුතද , "ටේ" යනුවෙන් හස්තය (අත) යන අරුතද ගෙන දේ නිරායුධ හස්තයකින් සතුරෙකු මෙල්ල කිරීම කරාටේ වේ.

Post a Comment

0 Comments