Which is your most suitable martial arts - ඔබට ගැලපෙන සටන් ක්‍රමය කුමක්ද?

බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් - මොනවගේ සටන් කලාවක්ද ඉගෙනගන්නේ ?

වැඩි පිරිසක් රැල්ලට සටන් කලාවන් හදාරනවා.. චිත්‍ර පට තුල තිබෙන සටන් 100% ඇත්ත යැයි සිතා මුලා වෙනවා.මුලින්ම කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඔබට චිත්‍රපට වල තිබෙන සටන් කිරීමට අවශ්‍යනම් අනිවාර්යෙන්ම ඒ නළුවා හෝ නිළිය සමග අධ්‍යක්ෂක වරයදා හමු වෙන්න වෙනවා. තව සමහරක් තමන්ගේ යාලුවන්ගේ කැමැත්ත පරිදි සටන් කලාවක් හදාරනවා. නැතිනම් සමාජයේ හොදට ගහගන්න පුළුවන් මනුස්සයෙක් හදාරන සටන් කලාවක් හදාරනවා. විවිද හේතු නිසා සටන් කලවන් හදාරනවා...
නමුත් ගැටලුව මේකයි කසාදයක් උනත් බදිනකොට අනිවාර්යෙන්ම හිතනවනේ තමුන්ට හොදට ගැලපෙනවද කියල, ජීවිත කාලයේම සතුටෙන් ඉන්න පුළුවන් ද කියල. මේ දේත් ඒ වගේ තමා. හැබැයි වෙනසකට තියෙන්නේ ඔබ කුමන සටන් කලාවක් ඉගෙනගත්තත් ඒ දෙ ඔබට කවදාහරි ප්‍රොයෝජනවත් වෙනවා. කොහොම වුනත් අද මන් මේ කියන්න යන්නේ කොහොමද ගැලපෙන සටන් ක්‍රමය හදුනා ගන්නේ කියලා??
හොදයි. සුදුසු සටන් ක්‍රමයක් තෝරා ගැනීමේදී කවුරුත් මුලින්ම මුහුණදෙන ප්‍රශ්නයක් තමයි. ඉහත සදහන් කල ආකාරයට සටන් ක්‍රමයක් තෝරාගෙන කෙටි කාලයක් පුහුණු වී අත් හැරීමට වඩා මුලදීම තමාට ගැලපෙන ක්‍රමය තෝරාගෙන පුහුණු වීම ප්‍රතිපලදයකයි.
සටන් ක්‍රමයක හොද නරක මැනිම සදහා ජාත්‍යන්තරව පිළිගත් මිම්මක් තියෙනවා. සම්මත වශයෙන් ශිල්පීය ක්‍රම 75% ද භිෂණය 25% ද හොද සටන් ක්‍රමයක තියෙනවා. සටන් ක්‍රීඩා වල ශිල්පීය ක්‍රම 25% ද භිෂණය 75% ද පිහිටිය යුතු බව ඔබ දැන සිටියාද??.
බොක්සිං, තායි බොක්සිං, වැනි ක්‍රම වල භිෂණය උපරිම මට්ටමක පිහිටා ඇති බැවින් එම ක්‍රීඩා දුර්වල සිරුරු ඇති අයට සුදුසු නෑත. කරාතේ, කුන්ග් ෆු, ටයිකොන්ඩෝ, වැනි සටන් සදහා ද ආත්මාරක්ෂාව සදහාසුදුසුයි. ජුඩෝ හා අයිකිදෝ ක්‍රමවල භිෂණය අවම මට්ටමක පවතීවා. නමුත් ජුඩෝ සටන් ක්‍රමය දුර්වල ශරීර ඇති අයට සුදුසු නැහැ. තාක්ෂනය උපරිම මට්ටමක තිබෙන නිසා අයිකිදෝ දුර්වල ශරීරඇති අයට වඩාත් යෝග්‍යයි.
ඔබ කුන්ග් ෆු ශෛලින් හැදෑරීමට අදහස් කරනවානම් එක් ශෛලියක් හැදෑරීම ප්‍රාණවත් නැත. අවම වශයෙන් සත්ත්ව ශලින් 5ක් වත් ප්‍රගුණ කලයුතු අතර නැතිනම් එක් ශෛලියක් ප්‍රගුණ කරලා එහි කෙලවර දක්වාම පැමිණිය යුතු වෙනවා.
කුන්ග් ෆු

ජීට් කුණ් ඩො (Jeet Kune Do) ක්‍රමය සුවිශේෂී ගුණ ඇති සටන් ක්‍රමයක්. සටන් ක්‍රම රාශියක් ඉගෙන ගන්නවට වඩා තනි ශිල්පයක් හදාරා දක්ෂ සටන් කරුවෙකු වීමට එමගින් හැකියාව ලැබෙයි.
ජීට් කුණ් ඩො

කරාටේ ප්‍රගුණ කරන කරන අය ඊට අමතරව ජුඩෝ අයික්දෝ වගේ ක්‍රම දැනගෙන ඉන්න එක හොදයි.
වින්ග් චුන් (Wing Chun) සටන් ක්‍රමයේ අවධානය යොමු වෙන්නේ කෙටි දුර පහර දීම් වලට පමණයි. දිගු දුර පහර දීමේ හැකි ක්‍රමයක් දැන සිටිම වින්ග් චුන් ශිල්පියෙකුට අතිශය ප්‍රොයෝජනවත් වෙනවා.
සටන් ක්‍රම වර්ග 03 යි
· රළු (Hard)
· මෘදු (Soft)
·රළු හා මෘදු (Hard and Soft)
කරාතේ, තායි බොක්සිං, බොක්සිං වැනි සටන් ක්‍රම රළු වර්ගයට අයත් වෙයි. ඒවා කය බලයෙන් වැඩි අයට හොදයි. තයිචි (Thaichi) අයිකිදෝ වැනි ක්‍රම මෘදු වර්ගයට වැටේ. ඒවා නම්‍යශීලි සිරුරු සහිත සැහැල්ලු හා දුර්වල අයට හොදයි.
අයිකිදෝ

වින්ග් චුන්, ජීට් කුණ් ඩො ක්‍රමයන් රළු සහ මෘදු ක්‍රමයන්ට හොදම උදාහරණයි. එය දුර්වල අයට මෙන්ම කාය ශක්තියෙන් වැඩි අයට ද යෝග්‍යයි.
වින්ග් චුන්

දැනට ලෝකයේ වැඩිම ජනප්‍රිය තාවයක් ඇති සටන් ක්‍රම දෙක වගේම සටන් ක්‍රීඩා දෙක තමා මිශ්‍ර සටන් (Mixed martial Arts - MMA) සහ මුයි තායි (Muay Thai - තායි කික් බොක්සිං). කෙටි කාලයක් තුලදී හොද සටන් ශිල්පියෙකු වීමේ හැකියව ඇත. කාර්යබහුල ජීවන රටවත් සමග ලෝකයේ බොහෝ දෙනා මේ සටන් ක්‍රම දෙකට නැබුරු තත්වයක් දක්වනවා. විශ්යෙන්ම මුයි තායි වගේ සටන් ක්‍රමයක් ඔබ ඉගෙන ගන්නවනම් ඔබේ පළමු පුහුණු වීම් දිනයේදී සිටම ක්‍රීඩකයන් සමග සටන් කිරීමට යොමු කරනවා. අනිකුත් සටන් ක්‍රම වගේ මාස 3ක් 6ක් සටන් කිරීමට ප්‍රමාද කිරීමක් නැත.

මුයි තායි සහ මිශ්‍ර සටන්

ඔබට දැන් අවබෝධයක් ලැබෙන්න ඇති සුදුසු සටන් ක්‍රමයක් තෝරාගන්නේ කොහොමද කියලා. යම් කිසි ගැටළුවක් තියෙනවනම් කමෙන්ටුවක් හෝ ඉන්බොක්ස් කරන්න.

Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...😊😊😊

ස්තුතියි..

Post a Comment

0 Comments