අද්විතීය මිනිසා..
බෘස්ලී මේ දක්වා ජිවත් වූ ලොව දක්ෂතම සටන් ශිල්පයෙකු ලෙස සැලකේ. කුඩා කල සිටම සටන් ක්‍රම ඉගෙන ගැනීමේ නිරත වූ ඔහු යීප් මන් (IP Man) නම් වූ අති දක්ෂ ගුරුවරයා යටතේ වින් චුන් (Wing Chun) නම් සටන් ක්‍රමය හදාරා එහි කෙළ පැමිණියේය. තරුණ Bruce Lee සිසුවා කෙතෙක් දක්ෂයෙකු වීද යත් සමස්ථ වීවෘත චීන බොක්සිං තරගාවලියකට එක්වී පහසු ජයක් අත් කර ගත්තේය.මෙහි වැදගත්කම වනුයේ ඒ වන විට ඔහු බොක්සිං ක්‍රීඩාව හදාරා නොමැතිවීමයි.
වෝනර් සහෝදර සමාගම විසින් නිෂ්පාදනය කල ග්‍රීන් හොනට් නම් රුපවාහිනි කතා මාලාව තුලින් බටහිර ප්‍රේක්ෂකයන් වෙත ලංවීමට බෘස්ලීට වරම් ලැබුණි.කෙසේ නමුත් ඔහුව සටන් කළා විශාරදයෙකු ලෙස ඔසවා තැබීම සිදු කරන ලද්දේ හොන්කොන් දේශය මුලික කරගෙන 60 දශකයේදී නිර්මාණය වූ සටන් චිත්‍රපට රැල්ල මගිනි.
බෘස්ලී ප්‍රධාන රගපෑ
60 දශකයේ ලොව දක්ෂතම සටන් ශිල්පයා ලෙස සලකුණ වොන්ග් ජැක්ටර් හා යෙදුනු දරුණු සටන ජය ගැනීත් සමග බෘස්ලීගේ කිර්ති නාමය තවදුරටත් ස්ථාවර විය. ඔහු කොතෙක් වේගවත් ද කිවහොත් ඔහුගේ චිත්‍රපට වල ඔහු කරන සටන් ජවනිකා වල වේගය අඩුකිරීමට සිදුවීමයි. මන්ද ඇස් පියවන වේගයෙන් ඔහුගේ පහරවල් වල වේගය තිබීමයි.
කෙසේ නමුත් වොන්ග් ජැක්ටර්ව පරාජය කිරීමට ඔහුට ගතවුයේ විනාඩි 3 පමනය. ප්‍රතිවාදියා ක්ෂණිකයෙන් පරාජය කිරිමට දක්ෂ සටන් ශිල්පයෙකු වීමට අත්‍යවශ්‍ය සාදකයක් බව අවධාරණය කල හෙතෙම වොන්ග් ජැක්ටර්ට තමා පරාජය වූ බව සිතීය.
70 දශකය වන විට ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තෙහි සිටි බෘස්ලී සටන් කලාව හැදෑරීම දිගටම කරගෙන ගියේය. යෝග්‍ය ක්‍රම හොදින් ප්‍රගුණ කල ඔහු දෑතේ මාපට ඇගිලි මතින් සිටගනිමට තරම් සමබරතාව ඉහල නැංවිය.
වයස අවුරුදු 32 දි අකල් මරණයකට භාජනය වන විට ලොව වැඩිම ඉපයීමක් කල සටන් ශිල්පයා වීමට ඔහු සමත් වී තිබුණි. බෘස්ලී මිය ගිය අකාරය පිළිබද විවිද මත පළකරයි. නමුත් එයින් ලොව පිළිගත් මතය වනුයේ ඔහුගේ මොලයේ ඉදිමීමක් නිසා නහරයක් පිපිරිම හේතුවෙන් ඔහු මියගිය බවයි. ඔහු මිය යාමට පෙර ලෝකයට නව සටන් කලාවක් හදුන්වා දුන්න්නේය.එනම් සටන සදහාම නිර්මාණය වූ ජීට් කුණ් ඩො සටන් කලාවයි. ඔහුගේ මොලයේ ස්කන්දය 1563කි. සාමාන්‍ය මිනිසේකුගේ මොලයේ ස්කන්දය 1200කි.
බෘස්ලී වගේම ඔහුගේ පුත් බ්‍රැන්ඩන් ලී ද දක්ෂ සටන් ශිල්පියෙකි. ඔහු ද චිත්‍රපට නළුවෙකි. කුඩාකල සිටම තම පියාගෙන් ලද සටන් දැනුමත් නිසා ඔහු මුළු ලෝකයම දැනගැනීමට වැඩි කලක් නොගියේය. නමුත් ඔහුටද අත් වුයේ තම පියාට වූවා සේ අකල් මරණයකි. එනම් චිත්‍ර පටයක් රගපාන අතරතුරදී වෙඩි වැදීමක් නිසාය.
Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...😊😊😊
ස්තුතියි..