History of Martial Arts - සටන් කලාවේ විකාශනය

ඔබ සටන් කලාවක් හදාරනවද..?එහෙනම් ඔබ දැනගත යුතුම දෙයකි...

සතුන් මෙන්ම මිනිසුන් අතරද සටන් ඇතිවීම සාමාන්‍යය දෙයකි. ජීවිතය රැකගැනීම, දඩයම් කිරීමට, ස්වකීය බල ප්‍රදේශ වෙන් කර ගැනීමට, සතුරන් පලවා හැරීමට මෙන්ම පෞර්ශය උරගා බැලීමට සටන් කිරීමට සත්ව ප්‍රජාවට පොදු දෙයකි. කෙසේ නමුත් ශෛලිගත සටන්වල මුලාරම්භය දියුණු සත්වයන් තුලින් ඇති වූ බව පෙනේ. ක්‍රීඩා සදහා සටන් කිරීම රෝම අධිරාජ්‍යයටත් වඩා ඈත ඉතිහාසයක් ඇති කරුණකි. මල්ලව පොර ගැන වසර 2500ක් පැරණි ජාතික පාලියේ පවා සදහන් වේ.
කෙසේ නමුත් සොයා බැලීම් කිරීමේදී ග්‍රීසියේ “පන්කරේෂියන්” ( Pankration ) නමින් සටන් කලාවක් තිබුන බවට සදහන් වී තිබේ. නමුත් ලිඛිත ලේඛණ ගත කරමින් සටන් කලාව තිබී ඇත්තේ චීනයේ ශාඔලින් තාපසාරාමය තුළයි. වසර 1400කට පමණ පෙර ඉදියාවේ සිට චීනයට සංක්‍රමණය වූ බෝධිධර්ම හිමියන් ශෛලිගත සටන් කලාවේ පියා ලෙස අදටත් සැලකුම් ලබයි. එතැන් සිට චීනයේ ශාඔලින් ආරාමයේ වර්ධනය වූ මේ කලාව කුන්ග් ෆු නමින් හැඳින් වේ. නිරන්තර සතුරු ආක්‍රමණවලට ගොදුරු වූ ශාඔලින් ආරාමය තුල වැඩිකල් මේ රහස සගවුනේ නැත. ඒ සටන් ක්‍රම වල රහස් බොහෝ ප්‍රමාණයක් භික්ෂුන් හරහා ජනතව උගත්හ.
මෙලෙස සාමාන්‍ය ජනතව වෙත සංක්‍රමණය වූ සටන් ක්‍රම Family Style නම් වේ. ඒවා රහස් සටන් ක්‍රම ලෙස පරම්පරා අතර ගමන් කළේය. කල්යත්ම මේ චීන සටන් කලාව ජපානයේ ඔකිනාවා දුපත වෙත පැතිරී ගියේය. එහි පවතී සම්ප්‍රධායික ක්‍රම හා මිශ්‍ර වූ නව ආර ඔකිනාවා ටේ නමින් හැඳින් වේ. වෙනි සියවසේ මුල් භාගයේදී ජපානයේ ගිෂීන් ෆුනාකොෂි විසින් මෙකි ඔකිනාවා සටන් ශිල්පය වැඩිදියුණු කර කරාටේ සටන් ක්‍රමය හඳුන්වා දුන්නේය.
Bruce Lee ගේ අරම්භය සටන් කලාවේ ස්වර්නයමය යුගයයි. කරාටේ, ටයිකොන්ඩෝ, බොක්සිං , ජුඩෝ, කුන්ග් ෆු, ඇතුළු සටන් කළා 14 ක විශාරදයෙක් වූ ඔහු Jeet Kune Do නම් ලොව වේගවත්ම සටන් කලාව ලොවට හඳුන්වා දුන්නේය. 70 දශකය වන විට
Bruce Lee ලොව අංක 1 සටන් ශුරයා බවට පත්ව සිටියේය.

Page එකට Like කරන්නත් අමතක කරන්න එපා...😊😊😊

ස්තුතියි..

Post a Comment

0 Comments