බෲස්ලී ගේ සටන් කලාව

ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම දුෂණයට ලක්වු සටන් කලාවක් වනුයේ ජිටි කුන්-ඩෝ වේ. ඒ බව සටන් කලාවන්ට ආදරය කරන නොකරන සියඵ දෙනා දන්නා කරුණක් වුවත් ඒ දෙස නිහඩව බලා හිදි.

බෲස් ලී නැමති දක්ෂ පුද්ගලයා නිර්මාණය කල ඔහුගේ සටන් කලාව ජිටි කුන්-ඩෝ වේ. ලංකා ඉතිහාසයේ 70 දශකයේ අග භාගයේ සිට මෙම සටන් කලාව ගැන කථා කරයි. එහෙත් ඒ නිවැරදිව ඉගෙන ගැනිමකින් තොරවය. චිනයේ බෲස් ලීගේ චිත්‍රපට ආශ්රිතව පිටවුනා වු විවිධ පුවත්පත් හා සඟරා බලා හා ලාංකිකයින් කුංෆු සටන් කලාවට ඇති දැඩි තැමැත්ත නිසාත් කරාටේ සටන් කලාව තරමත් දුරට හදාරා එසේම බෲස් ලීගේ චිත්රපට දරශන උපයෝගි කර ගනිමින් ඔවුනොවුන්ගේ සිතු මනාපයට මෙම සටන් කලාව ලාංකිකයන්ට ලබා දිමට උතිසාහ කර ඇත.

සටන පුද්ගලයාගෙන් පුද්ගලයාට අවතීර්ණ ක්‍රමය අනුව වෙනස් වේ. එහෙත් සෑම පුද්ගලයෙක්ම කුමන හෝ සටන් කලාවකට අවතීර්ණ වන්නේ තම ආත්ම ආරක්ෂාව සපයා ගැනිමකටය. එසේම ඔවුන් එය ගැඹුරින් අධ්යනය කිරිමේදි උසස් පෞරුෂත්වයක් මත ගොඩ නැංවු හික්මුණු අව්යාජ මිනිසෙක් ජිවත් කරයි. එවැනි අය ලාකා ඉතිහාසයේ සේම අද ද බොහෝ සටන් කලා ශෛලීන් වල ගුරුවරුන් ඇත.

බෲස්ලී ගේ සටන් කලා ඉතිහාසයේ ඔහු විවිධ සටන් කලා අධ්‍යණය කලත් ඇමරිකාවට පැමිණිමෙන් පසු විවිධ කාලසිමා වල ඔහුට ආවේණික සටන් කලාවක් කරා යන ගමනේදි විවිධ නම් උපයෝගි කර ගෙන ඇත එනම් ජුන් පැන් ගුංෆු, ජිටි කුන්ඩෝ කොන්සෙප්ට් හා ,අවසාන කාලයේදි ජිටි කුන්-ඩෝ සටන් කලාව නිර්මාණය වේ . ජිටි කුන්-ඩෝ යනු ජිටි කුන්ඩෝ වේ. එය වෙනත් සටන් කලාවක් නොව විවිධ ගුරුවරුන් විවිධ අවස්ථාවල ජිටි කුන් ඩෝ ගැන කථා කරයි. එහෙත් ඔවුන් එය නිවරදිව ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන්ම ලාංකිකයින්ට ජිට් කුන්ඩෝ ඉගෙන ගැනිමට තිබුනා.

“මට මගේ ගුරුවැන් එක් අවස්ථාවක පැවසුවේ නුඹලාට මෙම සටන් කලාව අඵත් වුනාට ලෝකයට එය අවරුදු 30 කටත් වඩා පරැණිය කියා.” ඉතිහාසයේ සේම අදත් ලංකාවේ මෙම සටන් කලාව දුෂණය කරණ මිනිසුන් ඇත. සමහර අය යු ටියුබි වල වීඩියෝ දර්ශන බලා පුහුණුවීම් කරයි. සමහර අය බෲස් ලීගේ තා ඕ ඔෆ් ජීට් කූන් ඩෝ (Tao of Jeet Kune Do ) අත්පොත අත දරා ගෙන කතා කරයි. ඒ සියල්ලම වැරදි හා නිවරදි යැයි මම නොකියමි.

වීඩියෝ දර්ශන බලා නිවරදිව ඉගෙනිමට හැකියාවක් නැත. එසේම තා ඕ ඔෆ් ජීට් කූන් ඩෝ (Tao of Jeet Kune Do ) අත්පොත උසස් ග්‍රන්ථයක් වුවත් එය බෲස් ලී විවිධ වකවානු වලදි ලපි වල එකතුවක් වේ . කොතනකදි හෝ ආරම්භය අවසානය අදියර වශයෙන් නම් කර නැති පඩම් මාළාවක් ඇති ග්‍රන්ථයක් වේ. එසේම මෑත කාලයේදි ලංකාවේ විවධ අය විවිධ ගුරුවරුන්ගේ සම්බන්ධකම් ඇතැයි කියා මුසාවන් පල කරයි. තවත් ඇතැමෙක් කිසිම සම්බන්ධකමක් හෝ ගුරුවරයෙක් අවශ්‍ය නොවේ යැයි කියා මෙම සටන් කලාව පුහුණු විමට හැකිබව පවසයි. එහෙත් මා පවසන්නේ අම්මෙක් අප්පෙක් නැතිව දරුවෙක් ලෝකයට බිහි වන්නේ කෙසේද?

අපට සටන් කලාව ඉගෙන ගැනිමට ගුරුවරයෙකු අවශ්‍ය වේ. ජිටි කුන්-ඩෝ සටන් කලාව බෲස් ලී නොමැති නම් දෙවනි පරපුර හෝ තුන් වැනි පරපුරේ නිවැරදි ගුරවරයෙකු යටතේ ඉගෙන ගැනිම අවශ්‍යම වේ. නොදැකපු ගුරුවරයෙකුත්, නොකියපු පොතක් ගැන සිතා තමාගේ ලෝකය පටු වුනාට විශ්වය අනන්තයි.

බෲස් ලීගේ සටන්කලාව තුල ජුන් පැන් ගූංෆු . ජීට් කූන් ඩෝ කොන්සෙප්ටි, අවසාන කාලයේදි නිර්මණය වු ජිටි කුන්-ඩෝ කියා දෙයක් නැත. එහෙත් විවිධ ගුරුවරුන් ඔවුන් කරන වැරදි නිසා නිවැරදිදේ වෙන්කරවා ගැනිමට හා පැවැසිමට අවසාන කාලයේ ජිටි කුන් ඩෝ යැයි කිමට සිදුවේ.

Read more...(බෲස්ලී ගේ සටන් කලාව - Bruce lee's Jeet Kune Do - part 2)