Wing Chun - ලස්සන වසන්ත කාලය
චීන භාෂාවෙන් විංග් චුන් - wing chun යනු ලස්සන වසන්ත කාලය යන අරුත දෙයි. මෙය පුද්ගල නාමක් වුවද සටන් ක්‍රමයට මෙම නාමය ලැබීමට රසවත් ඓතිහාසික පුරාවෘත්තයක් ඇත.1662 සිට 1722 අතර කාලයේ චීනයේ යුවාන් සිටි බොහෝ කාන්තාවන් නොයෙකුත් ප්රචන්ඩ පුද්ගලයන්ගෙ පීඩාවට ලක්විය. මේ අතර දකුණු ආරාමයට මෙන්චු හමුදා ප්‍රහාරයක් එල්ල විය. ආරාමය මුළුමණින්ම ගිනිබත් විය. ආරාමය වැඩවාසය කළ බෞද්ධ හිමිවරු විශාල ප්‍රමාණයක් මියගිය අතර එයින් හිමිවරු සතර නමක් හා එක් මෙහෙණින් වහන්සේ නමක් දිවි ගලවා ගත් බව සඳහන් වෙයි. පසුකාලීනව මේ පස්නම ට වැඩිහිටි පස්දෙනා නමින් හඳුන්වනු ලැබීය.
මෙම වෘත්තාන්තයේ එන දිවි ගලවාගත් මෙහෙණින් වහන්සේ අතිදක්ෂ චීන පාරම්පරික වෛද්‍ය වරියක් මෙන්ම නිල ශාස්ත්‍රය පිළිබඳ ආචාර්යවරියක් මෙන්ම අති දක්ෂ සටන් කාරියක්ද විය.චීන සටන් කලාවේ අති ප්‍රබල සටන්ක්රම ගණනාවක් බිහි වූ ෂාඔලින් ආරාමය ට නිතර ආගිය මෙහෙණින් වහන්සේ වු ඹංග් මුයි (NG MUI) විංග් චුන් සටන් ක්රමයේ නිර්මාතෘවරිය වන්නේ ය. යුද්දය නිසා නිතර පීඩාවට පත් වන කකාන්තාවන් උදෙසා සටන් ක්‍රම ඉගැන්වීමට ඹංග් මුයි මෙහෙණියට අවැසි වුවත් ෂාඕලින් සටන් ක්‍රමවල ඇති දුෂ්කර පුහුණුවත් හොඳ සටන් ශිල්පයක් බිහිවීමට විශාල කාල පරාසයක් ගතවන නිසාත් ෂාඕලින් කුන්ග්-ෆු ක්‍රම කාන්තාවන් සඳහා උචිත වූයේ නැත. මේ පිළිබඳ සිතමින් දිනක් වනය මැදින් ආරාමයට වැඩමකරන ඹංග් මුයි මෙහෙණිය එක්තරා තැනකදී කොකෙක් සමග සර්පයෙක් දරුණු සටනක පැටලී සිටින දකින ලදී. මෙම සටන් දෙස ඉතාම සුපරික්ෂාකාරීව බලා සිටින මෙහෙණිය සර්පයාගේ වේගවත් ප්රහාරයන් කොකා තමා තුඩු වලින් ආවරණය කරන ගමන් තම තියුණු හොටින් සර්පයාට පහර දෙන අයුරු දුටුවාය. .
මේ සත්වයන් දෙදෙනාම ඉතාම මෘදු වේගවත් චලන රටාවකින් සටන වදින දුටු මෙහෙණිය නව සටන් ක්‍රමයකට මූලික පදනම එමඟින් ඇති කර ගත්තා ය..
තමන් දුටු සර්පයාගේ කොකාගෙ සටන ඇසුරු කොටගෙන නව සටන් ක්‍රමයක් ඹංග් මුයි මෙහෙණිය නිර්මාණය කළ මුත් එය සාමාන්‍ය සමාජයට හෝ තමන් බලාපොරොත්තු වූ කාන්තාවන් සඳහා ද උගැන්වීමට අවස්ථාවක් නො වූයේ ආරාමයට එල්ල වූ හදිසි ප්‍රහාරයයි. ප්‍රහාරයෙන් පසු මා මුලින් සඳහන් කළ හිමිවරු සතර නමද මෙහෙණිය ද විවිධ පළාත්වලට පලාගිය අතර ඹංග් මුය මෙහෙණිය වයිට් ක්‍රේන් ආරාමයෙහි තම වාසස්ථානය කර ගන්නා ලදී. ආරාමය අසල ගමක සිටි අසරණ තරුණියක මෙහෙණියට මුණ ගැසිණි.අෑ නමින් විංග් චුන් ය.
මෙම තරුණියට සිටියේ තම දුප්පත් අසරණ පියා පමණින් ඔවුන් වෙළඳාමෙන් ජීවිකාව ගෙන ගිය අය වූහ.මෙම තරුණිය ඹංග් මුයි මෙහෙණියට දන් පිළිගන්වමින් ඇප උපස්ථාන කරමින් ආරාමයට නිතර යන්නට එන්නට විය. එක් දිනක් මේ තරුණිය ඹංග් මුයි මෙහෙණියට තමන්ට නිතර කරදර කරන පුද්ගලයෙක් පිළිබඳ සඳහන් කළේය. ඇය පැවසුවේ ඔහු සමග විවාහ වන ලෙස බලකරමින් තමන්ටත් තම පියාටත් නොයෙකුත් බලපෑම් කරන බවයි. මේ පිළිබඳ සාවධානව අසා සිටි මෙහෙණිය තරුණියට පැවසූයේ ඔහුගේ යෝජනාව පිළිබද තීරණයක් ගැනීමට කාලයක් ඉල්ලා ගන්නා ලෙසය මෙහෙණිය පැවසූ පරිදිම තරුණිය තමන්ට කරදරය කරන පුද්ගලයා ගෙන් කාලයක් ඉල්ලා ගන්නා ලදී. යිම් විංග් චුන් ආරාමය කරා පැමිණ නැවාතැන් ගත්තාය . ඹංග් මුයි මෙහෙණිය විසින් ඉන් විංග් චුන් තරුණියට තමන් නිර්මාණය කළ සටන් ක්‍රම (මුයි ෆා කුඅාන්) උගන්වන්නට ආරම්භ කළේය.
ඉතාම කැපවීමෙන් සහ උනන්දුවකින් සටන් ක්‍රමය හැදෑරූ තරුණිය ඉතාම කෙටි කලකින් අතිදක්ෂ සටන් කාරියක් බවට පත්විය. පසුව නැවත තම ගමට යන තරුණිය තම පියා සමඟ වෙළදාමට උදව් වෙමින් කාලය ගත කළේය. එහෙත් තමන් හදාරපු සටන් ක්‍රමය නිතර පුහුණු වීමටත් ඹංග් මුයි මෙහෙණියට උපස්ථාන කිරීමටත් ඇය අමතක නොකළාය. ටික කලක් ගත වන විට නැවතත් තරුණියට කරදර කර පුද්ගලයා පැමිණ තමන්ගේ යෝජනාවට තීරණයක් ගත්තා දැයි විමසන විට ඇය පැවසුවේ තමන් හා සටන් කර ජය ගත හොත් තමා යෝජනාවට කැමැති වන බවය. ඉතාම අවඥා සහගත සිනාවක් පාමින් මැරවරයා ඉම් විංග් චුන්ට පහර දෙන්නට පටන් ගත්තත් ඉම් විංග් චුන් ගේ වේගවත් මෙන්ම දරුණු ප්‍රහාරය හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්වන්නට මෙරට සිදු විය. මැරයාගේ ප්‍රබල පහරවල් ඉතාම පහසුවෙන් මග හරිමින් අඩුම කාලයකින් වෙහෙසක් නොගෙන සටන් කළ යිම් විංග් චුන් තමන්ට කරදර කරන්නට පැමිණි පුද්ගලයා පරාජය කළේය.
මෙතෙක් වේලා ඔබ කියවූයේ ඹංග් මුයි මෙහෙණින් වහන්සේ විසින් නිර්මාණය කළ ප්‍රබල සටන් ක්‍රමය සාමාන්‍ය සමාජය කරා පැමිණීමේ ආරම්භයයි.
කාලය කෙමෙන් ගෙවී ගියේය. යිම් විංග් චුන් තරුණිය ලියෝන් බොක් චෝ නමැත්තා සමඟ විවාහ විය. ලියෝන් බොක් චෝ සටන් ක්‍රම කීපයක් හැදෑරූ අයෙක් වුවත් යිම් විංග් චුන් සමග සටන් කරන්නට නොහැකි විය. යිම් විංග් චුන් ගේ මෙම සටන් ක්‍රමය පිළිබඳ පැහැදුණු ලියෝන් ඔහු එය තම බිරිඳගෙන් හදාරන්නට පටන් ගත්තේය. ඔහු ද ඉතාම කෙටි කලක් තුළදී ඹංග් මුයි මෙහෙණින් වහන්සේගේ සටන් ක්රමයේ අති දක්ෂයෙක් විය ම් ප්‍රබල සටන් ක්‍රමයක් තම බිරිඳගෙන් හදාරන්නට ලැබීමත් එය තමන් හදාරා තිබු ක්‍රමවලට වඩා ඉතාම ජනප්‍රිය යෝගික බව නිසාත් එතෙක් කලක් නමක් නොතිබුණු සැම සටන් ක්‍රමයට තම බිරිඳගෙන් නමේ කොටසක් වන විංග් චුන් යන්න පටබැඳි ගියේය.
විංග් චුන් සටන් ක්රමයේ ආරම්භය එය විය.
ලියෝංග් බොක් චෝ ගෙන් පසුව ලියෝංග් ලං ක්වායිට ත් ලියෝංග් ලං ක්වායි, වෝංග් වහ බෝ ටත්, වෝංග් වහ බෝ, ලියෝංග් ලි ටායි ටාත් මෙම සටන් ක්‍රමය උගන්වා ඇත.ලියෝංග් ලි ටායි යනු චීන නාට්‍ය කණ්ඩායමක සිටි කාන්තා චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පීයා ය. ඔහු දිගු රිට කින් කරන ශාඕලින් සටන් ක්‍රමයක් දැන සිටි අයෙකි ම නාට්‍ය කණකණ්ඩායමට නිතර ප්‍රවාහන පහසුකම් ලබා දුන් කරුවා වුයේ වෝංග් වහ බෝය. ලියෝංග් ලි ටායි වෝංග් වහ බෝට ටිකකින් කරන ෂාඕලින් සටන් ක්‍රමය උගන්වමින් විංග් චුන් සටන් ක්‍රමය වෝංග් වහ බෝ ගේන් ඉගෙන ගත්තේය.දෙදෙනාගේම සටන් ක්‍රම හුවමාරු කරගත්හ. එයින් විංග් චුන් සටන් ක්‍රමය සඳහා අඩි 6 හමාර පමණ වූ දිගු රිට එක්විය.
විංග් චුන් කුංෆු රජු ලියෝංග් ජෑන්
දිනක් ලියෝංග් ලි ටයි අසනීපවී බෙහෙත් බෙහෙත් ලබාගැනීමට වෛද්‍යවරයෙක් හමුවට ගියේය. ඒ වෛද්‍යවරයා ලියෝංග් ජෑන් විය. අසනීපව බෙහෙතක් ලබා ගනිමට ගිය ලියෝංග්ලී ටයි තමන් දන්නා විශිෂ්ඨ සටන් ක්‍රම ලියෝන්ග් ජෑන්ට උගන්වන ලදී. විංග් චුන්ඉ තිහාසයේ මෙම වෛද්‍යවරායට විශේෂ තැනක් හිමි වේ. ලියෝංග් ජෑන් වෛද්‍යවරයා විංග් චුන් සටන් ක්‍රමය තවදුරටත් දියුණු කරේය. විවිධ සටන් කරුවන්ගෙන් එල්ල වු අභියෝග 300 පමණ මුහුණ දී ඒ සියලු සටන් කරුවන් පරාජයට පත්කර ඇති බව ඉතිහාසයේ සදහන් කරයි. මේ මිනිසා වෛද්‍ය ලියෝංග් ජෑන්ට විංග් චුන් කුංෆු රජු වශයෙන් ආමන්ත්‍රණය කර ඇත.
චන් වා සන් ගුරුතුමා
ලියොංග් ජෑන් වෛද්‍යවරයාගේ වෛද්යශාලාව අසල තිබූ මුදල් හුවමාරුකරන සථානයේ හිමිකරු වූ චන් වා සන් විංග් චුන් සටන් ක්‍රමය ලියොංග් ජෑන් වෛද්‍යවරයාගෙන් හැදෑරීය.පසුව චන් වා සන් විසින් විංග් චුන් සටන් පාසලක් ආරම්භකරමින් විංග් චුන් සටන් ක්‍රමය ප්‍රචලිත කිරීමට පටන්ගෙන ඇත.සිසුන් දහසය දෙකෙුගෙන් අන්තිම සිසුවා වන්නේ විසිවන සියවසේ ශ්‍රේෂ්ටතම විංග් චුන් ගුරුවරයා වූ යිප් මන්ය.
මහදුරු යිප් මන්
1893 ඔක්තෝබර් 6 දින චීනයේ ෆෝෂාන් පලාතේ උපත ලබන යිප් මන් වයස අවුරුදු 7 දී පමණ විංග් චුන් සටන් ක්‍රමය චන් වා සන් යටතේ හැදෑරීම ආරම්භකර ඇත.ඒ චන් වා සන් ගේ වයස අවුරුදු 70 දී පමණය.චන් වා සන් ගේ අවසන් සිසුවා වන්නේ ද යිප් මන් ය.වයොවෘද්ධ අවදියේ සිටි චන් ගුරුතුමා යිප් මන් පැමිණ කෙටිකලකින් මියගියේය.පසුව යිප් මන් ගේ ගුරුවරයා වුයේ චන් ගුරුතුමාගේ ජ්‍යෙෂ්ට සිසුවා වන ”ම් චුංග් සොක් ය”.යිප් මන් ට වයස අවුරුදු 16 දි ඔහු හොංග් කොංග් වල ශාන්ත ස්ටීවන් පාසලට ඇතුළත් විය.මේ වකවානුවේ දී යිප් මන් නොයෙක් සටන් අභියොගවලට සාර්ථකව මුහණ දී ජයග්‍රහණය කර ඇත.මේ අතර යිප් මන් ට තවත් විංග් චුන් ගුරුවරයෙක් මුණගැසෙයි ඔහු නමික් ලියොංග් බික් ය.ලියෝංග් බික් යනු විංග් චුන් රජු වශයෙන් විරුදාවලිය ලත් ලියොංග් ජෑන් වෙදදුරුගේ පුත්‍රයාය.
හොංග් කොංග් වලදී යිප් මන් විංග් චුන් කුංග් ෆු සටන් පාසලක් ආරම්භකරන අතර විශාල සිසු සිසවියන් පරම්පාරවක් බිහිකළේය.යිප් මන් ගෙන් ශිල්ප හැදෑරූවන් අතර ලෝක ප්‍රසිද්දියට පත් රංගන ශිල්පියෙකු මෙන්ම දක්ෂ සටන් උපදේශකයකු වූ බෲස් ලී කැපීපෙණෙන චරිතයක් විය.විංග් චුන් සටන් ක්‍රමය ලොව පුරා පැතිරීමට මහදුරු යිප් මන් කටයුතු කර ඇති බව අතිවිශාල වූ සිසු පරම්පරාව දෙස බැලූවීට පෙනෙන්නට ඇත.වර්තමානයේ දී ලෝකයේ බෙහෙවින් ප්රචලිතවී ඇති විංග් චුන් සටන් ක්‍රම වන්නේ යිප් මාන් විංග් චුන් ක්‍රමයයි. 1972 වසරේ දෙසැම්බර් 2 දින මේ අසහය ගුරුවරයා මෙලොවින් සමුගන්නේය.
සිෆු ප්රෙමිල් නවීන්ද්‍ර
සැලකිය යුතුයි : මෙය ඉතිහාසය ගැන ඇති වෘත්තාන්ත අතරින් එකක් පමණයි.
0 Comments