සෙන්සේ ගිචින් ෆුනාකොෂි
වර්ෂ 1896 දි ගිචින් ෆුනාකොෂි ගුරුතුමා උපත ලැබිය. සමුරායි පෙළපතකට අයත් වූ මෙතුමා කුඩා අවධියෙදි දුර්වල ශරීර සෞඛ්‍යකින් යුක්ත විය. පසුව ක්‍රමානුකුලව කුඩා අවදියේදීම ඔකිනාව පාරම්පරික සටන් ක්‍රම පුහුමුවිම් අරාම්භ කරන ලදී. එවකට මොහු "අස්කෝ යුසුත්යුගේ" යටතේද ශිල්ප ක්‍රම හදාරා ඇත. මෙතුමා දීර්ඝ කාලයක් විවිධ සටන් ක්‍රම මනා ලෙස හැදෑරීමෙන් ශාරීරික ශක්තිය වර්ධනය කර ගන්න ලදී. එමගින් එවකට ඔකිනාවාහි සිටි දක්ෂම සටන් ශුරයා බවට පත් විය .
ජපන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් කල ආරාධනයක් පිළිගෙන 1921 වර්ෂයේදී ගිචින් ෆුනාකොෂි ගුරුතුමා උසස් අධ්‍යාපන පීඨයක සංදර්ශනයක් හා දේශනයක් පවත්වනු ලැබිය. එම සංදර්ශනය හා දේශනය ඉතාමත්ව සාර්ථක අන්දමින් කල නිසා ජපානයේ ටෝකියෝ නුවර නැවතී තම උගත් ශිල්පිය ජපන් සිසුන්ට පුරුදු කරන ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. එම ඉල්ලීම පිළිගත් තමා උගත් පාරම්පරික සටන් ක්‍රමද එවකට ජනප්‍රියව තිබු සටන් ක්‍රමද එක් කොට සිසුන්හට පුහුණු කරවනු ලැබිය. මෙහිදී සියල්ලටම පොදු නමකින් "නිරායුධ හස්තය" නැති නම් නිදහස් අත අරුත දෙන "කරාටේ" නමින් පුහුණු කරවන ලදී.
වර්ථමාන කරාටේ ශිපියෙහි නිර්මාතෘ ලෙසට මුළු ලොවම එකහෙලා පිළිගනු ලබන්නේ ගිචින් ෆුනාකොෂි ගුරුතුමාවයි. ඒ පිලිබදව වැඩි විස්තර ගිනස් ලෝක වාර්තා පොතේ 197 පිටුවෙහි සදහන් කර ඇත.
1936 වර්ෂයේදී ගිචින් ෆුනාකොෂි ගුරුතුමා එවකට තිබු ශෛලින්ගේ සාරය රැගෙන ඉතාමත් වේගවත් කරාටේ ශෛලියක් ලොවට බිහි කළේය. එය ෂෝටෝඛාන් කරාටේ ශෛලිය වශයෙන් නම් කෙරිණි. මෙම වැදගත් අවස්ථාව ජපන් ඉතිහාසයේ එක් සුවිශේෂතම සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි.
පසුව ෂෝටෝඛාන් කරාටේ ශිල්පය ජපානය තුල ව්‍යාප්ත විඉමත් සමගම ජපන් කරාටේ සංගමයක් නිල වශයෙන් 1955 වර්ෂයේදී ජපන් රජයට හදුන්වාදීමෙන් පිහිටුවා ගනු ලැබිය.එහි ප්‍රධාන උපදේශක ධුරය ගිචින් ෆුනාකොෂි ගුරුතුමා දෑරීය. 1958 වර්ෂයේදී නිත්‍යානුකුලව ජපන් රජය විසින් ජපන් කරාටේ සංගමය නිල වශයෙන් පිළිගනු ලැබිය.
ගිචින් ෆුනාකොෂි ගුරුතුමා වියපත් වූ පසුත් තරුණයෝ සමග කරට කර පුහුණුවීම් කල බව පැවසේ. කරාටේ නිතිපතා හදාරන්නේ වයසින් මුහුකුරා ගියත් ශක්තියෙන් (තාක්ෂනය සමග)හා හැකියාවන්ගෙන් දිනෙන් දින තරුණ භාවයෙන් යුක්තවන බව මෙතුමා පසක් කල සත්‍යකි.
වසර 88 ආයු වලදා ලෝකයට අනර්ඝ තිළිණයක් දායාද කර ගිචින් ෆුනාකොෂි ගුරුතුමා මෙලොවින්කි සමු ගන්නා ලදී.ගරු ගිචින් ෆුනාකොෂි දෙවියන් විසින් ලෝකයට දුන් අමිල පඩුරකි. මන්දයත් මිනිසුන් මනුෂ්‍ය ලීලාවෙන් සිටිය යුතු අන්දම ගිචින් ෆුනාකොෂි ගුරුතුමා කියා දුන් ඒ උතුම් වූ විද්යානුකුල සටන් ක්රමයේ තිබෙන බැවිනි.
0 Comments