What is BUDO - බුදෝ අර්ථය

සැබෑ බුදෝ ශිල්පියෙකු වෙමු..!

"බුදෝ" යනු ජපන් භාෂාවේ වචනයක් වුවද මෙම වචනය චීන ලේඛන කලාවේ අක්ෂරවලින් අර්ථ ගැන්වී ඇත. මෙම අක්ෂර දෙකේ සාමාන්‍ය තේරුම නම් රණ විරුවාගේ මාර්ගය වශයෙන් හැඳින්විය හැක.

"බුදෝ" යන වචනය අසු පමණින් යමෙක් මේ ගැන සිතන්නේ සටන් ක්‍රම හෝ ක්‍රීඩාවක් වශයන් වුවත් මෙය ජිවිත දර්ශනයක් ලෙසට නැතිනම් ජිවිතයේ සැබෑ ස්වරුපය තේරුම් ගත හැකි මාර්ගය ලෙසට හැදින්වීම වඩාත් සුදුසු වේ.

පෙරදිග මහා දාර්ශනිකයා වන බුදුන්වහන්සේත් අය්වන්ග් - ලාඔට්සු- කොන්ෆියුපියස් වැනි දාර්ශනිකයන්ගේ මත මුල් කොට ගෙන මිනිස් සිතෙහි ඇතිවන චංචල භාවය සහ ශරීරයේ දුර්වලතාවයකට පිළියම් වශයෙන් "බුදෝ" ක්‍රම දියුණු කිරීමට පැරණි වියතුන් උත්සාහය ගෙන ඇත.

සටන් කලාව ක්‍රීඩාවක් හෝ සටන් ක්‍රමය වශයෙන් පුහුණුවී වසර කිහිපයක් එම ක්ෂේත්‍රයේන් තමා දක්ෂයෙකු යැයි සිතමින් පුහුණුවීම් අඩාල කරගන්නා අය " බුදෝ " යන තේරුම වැටහීමක් නොමත්තෝ වෙති. සත්‍ය වැටහීමක් ඇති බුදෝ කලාකරුවන් බාධක, කම් කටොලු ජයගත් ශක්තිමත් බවෙන් සාමයේත් ජයග්‍රහනයේත් ප්‍රතිමුර්තයන් වන්නෝය.

යම් කිසි සටන් ක්‍රම පමණක් දැන එමගින් මුදල් උපයන ව්‍යපාරිකයටද " බුදෝ " හි අර්ථය රහසක් වනු ඇත. සැබෑ " බුදෝ " විරුවා අන් අයගේ දුකේදීත් සැපේදීත් ඔවුන් සමග සිටිය යුතු වේ. තමන්ගේ හැකියාවන් තුලින් අන් අයට උදව් උපකාර කල යතු වෙයි . " බුදෝ " කාමියාට අන් අය කිසිවිටෙකත් තර්ජනය නොවන්නේ ඔහු නිවෙරදි මාර්ගයක ගමන් කර ඇති නිසාය. ඔහු තුලින් කෙදිනකවත් සතුට සාමය ජය ගිලිහි නොයනු ඇත.

Post a Comment

0 Comments