දක්ෂ සටන් ශිල්පියෙක් වෙමු
හොද සටන් ශිල්පියෙකු වීම සදහා හොහොමද පුහුණු වීම් කල යුතු අකාරය මෙතැන් සිට ඔබට ඉගෙන ගත හැකිය. ඒ සදහා ගුණාංග රාශියක් පුරුදු පුහුණු විය යුතුයි.(වැදගත් - මේ ලිපිය කියවීමට ප්‍රථම " ඔබට ගැලපෙන සටන් ක්‍රමය " ලිපිය කියවන්න)
අපි ඒ ගැන එකින් එක සාකච්චා කරමු......
1.පහරේ වේගය වැඩි කරගමු
මෙහෙමයි වේගය වැඩි කිරීම සදහා හොදම ක්‍රමය තමයි එකම පහර වැඩි වාර ගණනක් පුහුණු විය යුතුයි. සටන් විශාරදයෙක් වන මාස්ටර් බෲස් ලීද මේ සම්බන්ධව අදහස් පළ කර ඇත. ඔහුගේ අදහස නම් පහරවල් කිහිපයක් එකවර පුහුණු වෙනවට වඩා එක් පහරක් නැවත නැවත පුහුණු වීම ප්‍රතිඵල දායක බවයි. ප්‍රතිවාදියාගේ ඇස් වලට නොපෙනී පහර වදින තරමකට වේගය වැඩි කිරීමට හැකිනම් එය ඉතාමත් සාර්ථකයි.
2.පහරේ බලය වැඩි කරගමු
පහරකට වේගය වගේම බලය යොමු කිරීමත් අත්‍යවශ්‍යයි. මෙහිදී අත් පහරකදිනම් උරහිස, සහ පාද ඉදිරියට යවමින් ඉගටිය හැරවීමෙන් වැඩි බලයක් ලබා ගත හැක. මේය බෝකිසින්, තායි බොක්සිං සහ මිශ්‍ර සටන් ක්‍රම වල මෙම ක්‍රමය භාවිතා කරන ආකාරය ඉතාමත් පැහැදිලිව දැක ගත හැක.පා පහරවල් වලදී ඉදිරියට පැන පහරදීම මගින් වැඩි බලයක් ලබා දීම සිදු කරයි. කරාටේ සහ ටයිකොන්ඩෝ ක්‍රම වල නැවෙන සංධීන් ගස්සමින් පහරට බලයක් එක් කර ගනියි. කුන්ග් ෆු ශෛලින් වලදී අතේ මැණික් කටුව ගස්සා පහර දීම ක්රමයන්ද ඇත. එමෙන්ම වැලි හෝ ලී කුඩු පිරවූ බෑගයන මතට පහරවල් එල්ල කිරීම මගින් පහරවල් වල ජවය වැඩි වෙනවාත් සමගම අත් සහ පාද ශක්තිමත් ද වෙයි.
(සැ.යු - අනෙක් සටන් කලාවන් තුලත් මෙම ක්‍රම විවිද අයුරින් භාවිත කරයි.)
3.පහරවල් නාභිගත කරමු
නියමිත ඉලක්කයේදී පමණක් පහරට නියමිත බලය දීම මින් අදහස් වෙයි. පහර දෙන ස්ථානය සහ ඊට ආසන්න ප්‍රදේශ විතරක් දැඩි කල යුතුයි.මුළු සිරුරම දැඩි කිරීමෙන් ශරිරයේ බරද පහරට එකතු වෙයි. නමුත් මෙමගින් ඉතාමත් ඉකණනි වෙහෙසට පත්වෙයි.
4.හරියටම ඉලක්කයට පහර දෙමු
නිලස්ථානයන් වලට පහර දීමේදී මෙය වඩාත් උපකාරී වෙයි. ඉහත සදහන් කල ආකාරයටම වැලි හෝ ලි කුඩු පිරවූ බෑගයේම කතිර සලකුණු කර ඒවාට පහර දෙන්න පසුව එය පද්දා සෙල්වෙනකොට එම සලකුණු වලට පහර දෙන්න. වර්තමානයේ මේ සදහා විවිද ක්‍රම භාවිතා කරයි.
5.ශරීරය සැහැල්ලු කිරීමට හුරුවෙමු
මෙහිදී සමහර පහරදීම් වලදී ක්ෂණිකව ශරීරය ඉහිල් කිරීමට හුරුවිය යුතුයි.එමගින් පහර මගින් වෙන්න පුළුවන් හානිය අඩු වෙයි. සිරුර ඉහිල් කිරිමත් සමගම පසුපසට හෝ පැත්තට රෝල්වී යාමට, පැනීමට හුරුවිය යුතුයි.මේ සදහා skipping rope පැනීම සහ ඉදිරියට ,පසුපසට හා පැත්තට බිම රෝල් වීමට( forward Roll ,Back Roll & Side Roll ) පුහුණු විය යුතුයි.
6.ආරක්ෂාකාරී ඉරියව් භාවිතා කරමු
ප්‍රතිවාදියාට මුහුණ දීමේදී තමාගේ මුහුණ, පපුව, ඉකිලි ප්‍රදේශ පුළුවන්තරම් ආවරණය වන ලෙස ඉරියව්ව සකසා ගත යුතුයි . දෑත් තම පපුව ඉදිරියෙන් දුරස් නොවන්නට තබා ගැනීම හොදම ආරක්ෂිත ක්‍රමයයි. කරාතේ වැනි සටන් ක්‍රම වලදිනම් ඉදිරි දණහිස ක්‍රමානුකුලව නවා ප්‍රතිවාදියාට මුහුණ දිය යුතුයි. කොහොම නමුත් මේ සදහා හොදම ඉරියව්ව වන්නේ ඔන්ගර්ඩ් ඉරියව්වයි. (Onguard Position). වෘත්තීය මට්ටමේ සටන් කරුවන් සියලු දෙනාම පාහේ මෙම ඉරියව්ව අනුගමනය කරයි.
7.පහරවල් වැළක්විමට පුහුණු වෙමු
මේ සදහා ක්‍රීඩකයන් යුගල වශයෙන් පුහුණු වීම අවශ්‍ය වේ. එක්කෙනෙකු පහර දෙන විට අනිත් කෙනා පහර වැලක්විය යුතුයි. පුලවන්තරම් අවම මහන්සියකින් සහ බලයකින් පහර වැලක් විය යුතුයි. පහරක් වදින විට නිතරම පසු පසට යාම නොකළ යුතු අතර දෙපැත්තට පනිමින් ප්‍රතිප්‍රහාර දීමට හුරුවිය යුතුයි. ක්ෂණික පහත වීම මගින් මුහුණට හෝ හිසට එන මාරාන්තික ප්‍රහාර වුවද වැලක් විය හැක. මේ සදහා වර්තමානයේ විවිද ක්‍රම භාවිතා කරයි .
සටන් උපදෙෂකවරයෙකු විසින් තම පුතා වෙනුවෙන් කල නිර්මාණයකි. මේ නිර්මාණය කිරීමට හේතු වි ඇත්තේ ඔහු සෑම විටම තම දෑත් මුහුණ ආරක්ෂා නොවන ලෙස තබා ගැනීම නිසයි.
8.නිවැරදි ඉරියව් මාරුව
එකම ඉරියව්වේ සිට සටන් කිරීමට සුදුසු නැත ක්ෂණිකව ඉතා කල්පනාකාරී ලෙස ඉරියව් මාරු කරමින් ප්‍රතිවාදියාගේ දුර්වල තෙන් කරා ලගා වේ පහර දීම කල යුතුයි. ඉතා වැදගත් දෙයක් තමයි අවශ්‍යතාවයක් නැතිවිට සුමට ලෙස ක්ෂනිකව්ව ඉරියව් මාරු කිරීමට සුදුසුය.
9. ප්‍රතිවාදියාගේ බලය ඔහුට විරුද්ධවම යෙදීමට හුරුවෙමු
පුළුවන් හැමවෙලේම ප්රත්වාදියා යොදවන බලයෙන්ම ඔහු පරාජය කිරීමට උත්සාහ කල යුතුය . දුර්වල පහරදීමක් වලක්වා සමබරතාව බිදහෙලීම පහසුවෙන් කල හැක. ජුඩෝ සහ අයිකිදෝ සටන් ක්රමයන් මෙම ක්‍රමය බහුලවම භාවිතා වෙයි.
10.සටනට රිද්මයක් එකතු කරමු
සෑම ශෛලීගත සටන් ක්‍රමයකටම ඊට අදාළ රිද්මයක් හා ලතාවක් ඇත. ප්රවීණයන්ගේ ඉරියව් නිරීක්ෂණය කිරීමෙන් මේ රිද්මය වටහා ගත හැකි වේ. රිද්මය මගින් පහරට වැඩි ජවයක් මෙන්ම ප්‍රතිවාදියා නොමග යැවිය හැක.
11.රළු සහ මෘදු වීමට පුරුදුවෙමු (Ying - Yang )
මෙය කුන්ග් ෆු ක්රමයේ බහුලවම යොදා ගනී. ප්‍රතිවාදියා රළු ශෛලියක් අනුගමනය කරනවිට තමා මෘදු ශෛලිකට අනුගත වි පහර වැළක්විය යුතයි. මේ නිසා අඩු මහන්සියකින් පහර වැලක්වීමට හැකියාව ලැබේ.
12. පහරට හඬ එක් කිරීම
හඬ නගා පහරදීම නිසා කරුණු 3 අපේක්ෂා කරයි.
1.ප්‍රතිවාදියාගේ අවධානය මොහොතකට හෝ බිදීම. 2.වැඩි බලයක් එක් කිරීම. 3.උර කුහරයේ පීඩනය නිදහස් කිරීම. මෙහිදී සෑම විටම හඬ නාග පහරදීම සුදුසු නැත. අධික බලයක් අවශ්‍ය විටදී පමණක් හඬ නැංවීම සුදුසුය.
13.නිදහස් සිතෙන් සටන් කිරීම.
ගත සටන් ක්රමවලදී අපේක්ෂා කරන ඉහලම ඉලක්කය වනුයේ සිත නොමෙහවා සටන් කිරීමයි . දීර්ඝ කාලයක් පහරදීම් හැ වැලක්වීම් පුහුණු වීමෙන් මේ තත්වයට ලගා වෙන්න පුළුවන්. එවිට සටන් කරුවාගේ මොලය අනිච්ඡනුගතවම සටන ඉදිරිඅට ගෙන යයි. මේවා මස්තිෂ්ක ප්රතික ක්‍රියා ලෙස කායික විද්‍යාවේ ඉගැන්වෙයි.
පහත වීඩියෝ එක බලන්න මෙම මුයි තායි ක්‍රීඩකයන් දෙදෙනා සටන් කරන අයුරු කොපමණ රුධිරය ගැලුවත් ඔවුන් සටන් කරන්නේ ඉතාමත් සැහැල්ලුවෙන්
සටන් පුහුණුව සම්බන්ධයෙන් ඔබට දැන් හොද දැනුමක් ලබෙනට ඇතියැයි මම සිතමි.
0 Comments